ඔබේ මෝටර් රථ සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක්

මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම සංගමය කියා සිටින්නේ, ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක කාලයක් තුළ ලබා සිදු වනු ඇති බවයි.ආදායම් බදු ඉහළ නංවාගැනීමද මෙහි එක් ප්‍රධාන අරමුණක් බවයි සංගමය පවසන්නේ.

එන්ජින් ධාරිතාව අඩු මෝටර් රථ පමණක් ආනයනය කරන්නේ විදේශ සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට බවද සංගමය වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
23
+1
2
+1
2
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?