බදු අංකයක් ලබාගැනීමේ ක්‍රමවේදයට අනුගත නොවන පුද්ගලයන්ට රුපියල් 50,000 ක දඩ මුදලක් අය කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතත්, එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයින් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්යය කිරීමට රජය පියවර ගෙන තිබුණි.
අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා
එමෙන්ම මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගතකර ( Downlod) පිටපතක් මුද්‍රණය කර ගැනීමට හැකියාව තිබෙනවා.
එම නිසා එම අයදුම්පත ලබා ගැනීමට දේශය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට අවශ්‍ය නොවන අතර එය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මාර්ගගතව ලබා ගැනීමේ හැකියාවද පවතින බව සඳහන් .
මාර්ගගතව එනම් ඊ සේවාව හරහා බදු අංකය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමේදී ජාතකය හැඳුනුම්පතෙහි දෙපැත්තම ස්කෑන් කර එහි PDF පිටපතක් උඩුගත (UPLOAD) කළ යුතු අතර ජාතික හැඳුනුම්පතේ ඇති සහ දැනට පදිංචි ලිපිනයේ වෙනසක් ඇත්නම් එය සනාථ කිරීම සඳහා පිළිගත හැකි ලේඛනයක පිටපතක්ද උඩුගත (UPLOAD) කිරීමට කටයුතු කළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.
2024 ජනවාරි පළවෙනි සිට සෑම අවුරුදු 18 වැඩි අයෙකු විසින්ම බදු අංකයක් ලබා ගැනීම රජය මගින් අනිවාර්ය කර ඇති අතර මේ අංකය ගත් පමණින් කෙනෙක් බදු ගෙවීමට බැඳීමක් ඇති නොවෙයි.

පිස්සුද මේ නිවුස් එක දාපු කෙනාට? අනික මේවා පලකරන්න පලමුව චෙක් කරන්නේ නැද්ද? පොඩි එකෙකුට දුන්නනම් මීට වඩා හොදට ලියයි