මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස  මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට පුත්තලම මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 10,000 බැගින් දඩ මුදල් නියම කර ඇත.

මහේස්ත්‍රාත්වරයා විසින් දඩ නියම කර ඇත්තේ මදුරන්කුලිය කොත්තන්තිව් පදිංචිකරුවෙකු වන මොහොමඩ් කයිස් මොහොමඩ් ෆර්තාන් සහ මදුරන්කුලිය – කනමුල්ල පදිංචි මොහොමඩ් ජුෆ්රි මොහොමඩ් ජෆ්රාත් නම් දෙදෙනෙකුටය.

ඉකුත් 03 වැනිදා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනාව පුත්තලම කොට්ඨාස යතුරු පැදි ඒකකයේ නිලධාරීන් විසින් මදුරන්කුලිය ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක් කර ඇත.නීති විරෝධී ලෙස මෙරට  නිෂ්පාදනය කරන ලද බලපත්‍ර රහිත ගිනි අවිය සැකකරුවන් සතුව තිබී පොලිස් නිලධාරීන් විසින් එම අවස්ථාවේදී සොයා ගෙන ඇත.

අනතුරුව සැකකරුවන් දෙදෙනා,ඔවුන් ගමන් කරමින් සිටි යතුරු පැදිය සහ නීති විරෝධී ගිනි අවිය වැඩිදුර විමර්ශණ කටයුතු සදහා මදුරන්කුලිය පොලීසියට බාර දීමට කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් කටයුතු කර ඇත.

සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාව 03 වැනිදා සවස පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට මදුරන්කුලිය පොලීසියේ නිලධාරීන් කටයුතු කර ඇත.සැකකරුවන්ට දඩ මුදල් නියම කර ඇති මහේස්ත්‍රාත්වරයා ඔවුන් සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇති විරෝධී ගිනි අවිය රාජසන්තක කිරීමට නියෝග කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතාගේ අවසන් ගමනට කරගැසූ සජිත්
01:56
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
04:00:13
Video thumbnail
මතුගම සජබ සභාපති අධිකරණයට රැගෙන යන හැටි.."ප්‍රශ්න තමයි ජීවිතේ බිග් කුච්චන්"
01:46
Video thumbnail
කොළඹ පරද්දන්න විපක්ෂය එකතුවෙලා ඊයේ පාටි දැම්මා
02:20
Video thumbnail
"හරිනි අමරසූරිය වහාම ඉල්ලා අස්විය යුතුයි"..විමල් වීරවංශ ලෙසටම කුපිත වෙයි
06:00
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23


?