AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධී ලෙස කසිප්පු ගබඩාකර තිබූ ස්ථානයක් වටලයි

නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන කසිප්පු ගබඩා කර තබා ගන්නා ස්ථානයක් වැටලීමට කොස්වත්ත පොලීසියේ නිලධාරීන් සමත්විය.

දංකොටුව – බුජ්ජම්පොල,විජයගම ප්‍රදේශයේ මෙම කසිප්පු ගබඩාව පවත්වා ගෙන ගොස් ඇත.එම ස්ථානයේ තිබී බෙදා හැරීමට සුදානම් කර තිබූ කසිප්පු බෝතල් 72 ක්ද තම බාරයට ගැනීමට වැටලීම කළ නිලධාරීන් සමත්වී ඇත. එම කසිප්පු ගබඩාව පවත්වා ගෙන ගිය පුද්ගලයාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාහන ගරාජයක් පවත්වා ගෙන යන මුවාවෙන් මෙම කසිප්පු ගබඩාව ජාවාරම්කරුවා විසින් පවත්වා ගෙන ගොස් ඇත.වෙනත් ස්ථානයක නිෂ්පාදනය කරන කසිප්පු මෙම ස්ථානයේ ගබඩා කර තබා ගෙන විවිධ ස්ථාන වල බෙදා හැරීම සැකකරු විසින් සිදු කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.

සැකකරු සහ කසිප්පු තොගය මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?