වැලිගම වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට

වැලිගම ජඹුරේගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අද අලුයම වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මෙම වෙඩි ප්‍රහාරය සිදු කර ඇතැයි සඳහන්.

මියගොස් ඇත්තේ පොලිස් විශේෂ අපරාධ විමර්ශණ කොට්ඨාසයේ සැරයන්වරයකු බවට අනාවරණ වී තිබෙනවා.

ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් අද අළුයම 2ට පමණ වෑන් රථයකින් ජඹුරේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී කිසියම් පිරිසක් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එහිදී වෙඩි ප්‍රහාරයට ලක්වූ සැරයන්වරයා මියගොස් ඇති අතර උප පොලිස් පරික්ෂකවරයාගේ පාදවලට වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුවී තිබෙනවා.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40