spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිගම වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට

වැලිගම ජඹුරේගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අද අලුයම වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මෙම වෙඩි ප්‍රහාරය සිදු කර ඇතැයි සඳහන්.

මියගොස් ඇත්තේ පොලිස් විශේෂ අපරාධ විමර්ශණ කොට්ඨාසයේ සැරයන්වරයකු බවට අනාවරණ වී තිබෙනවා.

ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් අද අළුයම 2ට පමණ වෑන් රථයකින් ජඹුරේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී කිසියම් පිරිසක් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එහිදී වෙඩි ප්‍රහාරයට ලක්වූ සැරයන්වරයා මියගොස් ඇති අතර උප පොලිස් පරික්ෂකවරයාගේ පාදවලට වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුවී තිබෙනවා.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?