ඕමානයේ සිරවූ බලාපොරොත්තු (වීඩියෝ)

‌විදෙස් රැකියා ජාවාරම්කරුවන්ට රැවටී සංචාරක වීසා මත රැකියා අපේක්ෂාවෙන් ඕමාන් රාජ්‍යය වෙත ගිය ශ්‍රී ලාංකිකයන් 85 දෙනෙකු පමණ මේ වන විට දැඩි ලෙස අසරණ වී ඇති බව වාර්තා වනවා.

කිසිදු හවුහරණක් නොමැතිව සිටින ඒම පිරිස මේ වනවිට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට රැදී සිටින බවට ද තොරතුරු හෙළි වුණා.

විදේශ රටවල ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බවට මෙරට තරුණ තරුණියන්ට සිහින පෙන්වමින් ජාවාරම්කරුවන් ඔවුන්ව විවිධ රටවලට ගෙන ගොස් අතරමං කිරීමේ පුවත් පසුගිය කාලයේ වාර්තාවුයේ වරක් දෙවරක් නොවේ.

ජනමාධ්‍ය මගින් ද ජාවාරම්කරුවන්ගේ මුසා බස් වලට හසු වී මුදල් අහිමි කර නොගන්නා ලෙස කොතෙක්කීව ද තවමත් ශ්‍රී ලාංකිකයන් ඒම ජාවාරම්කරුවන්ට හසුවීම කණගාටුවට කරුණක්. මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ ඕමාන් රාජ්‍යයෙන්.

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් ජාවාරම්කරුවන්ට හසු වී යන ඒන මං නොමැති වු 85 දෙනෙකුට ආසන්න පිරිසක් මේ වනවිට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට රැදී සිටිනවා.

ඕමානයේ ජීවත්වන තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙම පිරිසට ආහාරපාන ලබාදෙන අයුරු ද මෙම වීඩියෝ මගින් දක්නට ලැබෙනවා.

මේ අතර, හොරණ ප්‍රදේශයේ තරුණයෙකු ද විදෙස් රැකියා ජාවාරම්කරුවන්ගේ උගුලකට හසු වී රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් අහිමි කරගෙන මාස 6ක පමණ කාලයක සිට ඔ්මානයේ දුක්ගැහැට විදින බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50