spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕමානයේ සිරවූ බලාපොරොත්තු (වීඩියෝ)

‌විදෙස් රැකියා ජාවාරම්කරුවන්ට රැවටී සංචාරක වීසා මත රැකියා අපේක්ෂාවෙන් ඕමාන් රාජ්‍යය වෙත ගිය ශ්‍රී ලාංකිකයන් 85 දෙනෙකු පමණ මේ වන විට දැඩි ලෙස අසරණ වී ඇති බව වාර්තා වනවා.

කිසිදු හවුහරණක් නොමැතිව සිටින ඒම පිරිස මේ වනවිට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට රැදී සිටින බවට ද තොරතුරු හෙළි වුණා.

විදේශ රටවල ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බවට මෙරට තරුණ තරුණියන්ට සිහින පෙන්වමින් ජාවාරම්කරුවන් ඔවුන්ව විවිධ රටවලට ගෙන ගොස් අතරමං කිරීමේ පුවත් පසුගිය කාලයේ වාර්තාවුයේ වරක් දෙවරක් නොවේ.

ජනමාධ්‍ය මගින් ද ජාවාරම්කරුවන්ගේ මුසා බස් වලට හසු වී මුදල් අහිමි කර නොගන්නා ලෙස කොතෙක්කීව ද තවමත් ශ්‍රී ලාංකිකයන් ඒම ජාවාරම්කරුවන්ට හසුවීම කණගාටුවට කරුණක්. මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ ඕමාන් රාජ්‍යයෙන්.

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් ජාවාරම්කරුවන්ට හසු වී යන ඒන මං නොමැති වු 85 දෙනෙකුට ආසන්න පිරිසක් මේ වනවිට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට රැදී සිටිනවා.

ඕමානයේ ජීවත්වන තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙම පිරිසට ආහාරපාන ලබාදෙන අයුරු ද මෙම වීඩියෝ මගින් දක්නට ලැබෙනවා.

මේ අතර, හොරණ ප්‍රදේශයේ තරුණයෙකු ද විදෙස් රැකියා ජාවාරම්කරුවන්ගේ උගුලකට හසු වී රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් අහිමි කරගෙන මාස 6ක පමණ කාලයක සිට ඔ්මානයේ දුක්ගැහැට විදින බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?