රුතුරාජ් ගයික්වාඩ් දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

දකුණු අප්‍රිකාව සමඟ එළඹෙන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතයට නම්කර සිටි ආරම්භක පිතිකරුවෙක් වන රුතුරාජ් ගයික්වාඩ් එම තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් ගයික්වාඩ් මෙලෙස ටෙස්ට් තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රුතුරාජ් ගයික්වාඩ් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවන එක්දින තරඟයේදී පන්දු රකිමින් සිටියදී ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක් ආබාධයකට ලක් වුණා.

පසුව ඔහු ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර, විශේෂඥ උපදෙස් මත BCCI වෛද්‍ය කණ්ඩායම ඔහුව සංචාරයේ ඉතිරි තරඟවලින් ඉවත් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ලබන 26 වනදා සෙන්චූරියන්හි දී ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ගයික්වාඩ් වෙනුවට අභිමන්යු ඊස්වරන් ඉන්දීය සංචිතයට එක් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර මෙම තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතයට නම්කර සිටි ඉෂාන් කිෂාන් ද මීට පෙර පෞද්ගලික හේතුවක් මත ඉවත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43