spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුතුරාජ් ගයික්වාඩ් දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

දකුණු අප්‍රිකාව සමඟ එළඹෙන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතයට නම්කර සිටි ආරම්භක පිතිකරුවෙක් වන රුතුරාජ් ගයික්වාඩ් එම තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් ගයික්වාඩ් මෙලෙස ටෙස්ට් තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රුතුරාජ් ගයික්වාඩ් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවන එක්දින තරඟයේදී පන්දු රකිමින් සිටියදී ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක් ආබාධයකට ලක් වුණා.

පසුව ඔහු ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර, විශේෂඥ උපදෙස් මත BCCI වෛද්‍ය කණ්ඩායම ඔහුව සංචාරයේ ඉතිරි තරඟවලින් ඉවත් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ලබන 26 වනදා සෙන්චූරියන්හි දී ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ගයික්වාඩ් වෙනුවට අභිමන්යු ඊස්වරන් ඉන්දීය සංචිතයට එක් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර මෙම තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතයට නම්කර සිටි ඉෂාන් කිෂාන් ද මීට පෙර පෞද්ගලික හේතුවක් මත ඉවත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?