මිලින්ද සහ නාමලී ජපානයට ගිහින් වසර 10යි

2013 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් ජපන් රජයට සහ ජනතාවට මිලින්ද සහ නාමලී යන ශ්‍රී ලංකා අලි ඇතුන් දෙදෙනකු පරිත්‍යාග කර වසර 10ක් සපිරීම වෙනුවෙන් සැමරුමක් පවත්වා තිබෙනවා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60ක් පිරීමේ නිමිත්තෙන් ජාතීන් දෙක අතර මිත්‍රත්වයේ චිරස්ථායි සංකේතයක් ලෙසටයි මෙම සත්වයින් දෙදෙනා පරිත්‍යාග කර තිබුණේ.

මෙම අලි දෙදෙනා පසුගිය වසර දහය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙනවා.

මිලින්ද සහ නාමලී යන අලි දෙදෙනා ටොකුයාමා සත්වෝද්‍යානයට පරිත්‍යාගය කිරීම වෙනුවෙන් කෘතඥතාව පළ කිරීම සහ ඔවුන්ගේ අඛණ්ඩ වර්ධනය ප්‍රාර්ථනා කිරීම සඳහායි සංවත්සර සැමරුම පවත්වා ඇත්තේ.

ශ්‍රී ලාංකික පරිත්‍යාගයට වසර 10ක් පිරීමේ සංවත්සර සැමරුම සඳහා ජපානයේ ෂුනාන් නගරයේ ටොකුයාමා සත්වෝද්‍යානයේ ප්‍රධානියා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතාට ද ඇරයුම් කර තිබුණා.

ප්‍රදේශයේ පාසල් සිසුන්ගෙන් සමන්විත ගායක කණ්ඩායමක් තානාපතිවරයා පිළිගැනීම සඳහා අලි ඇතුන් පිළිබඳ ජනප්‍රිය ජපන් ගීතයක් සිංහල භාෂාවෙන් ගායනා කිරීම විශේෂත්වයක්.

ජපානයේ විශාලතම අලි ඇතුන් සඳහා වන ප්‍රදේශය ද නිර්මාණය කර ඇත්තේ පින්නවල අලි අනාථාගාරයේ භූ දර්ශනයට සමාන වන ආකාරයෙන්.

තානාපතිවරයා ප්‍රේක්ෂක පිරිස අමතමින් සිය කතාවේදී කියා සිටියේ අලියා යනු ශ්‍රී ලංකාවේ පූජනීය සතෙක් වීම හේතුව නිසාම දෙරට අතර සුහදතාවයේ සලකුණක් ලෙස මිලින්ද සහ නාමලී ජපන් ජනතාවට පරිත්‍යාග කළ බවයි.

ටොකුයාමා සත්වෝද්‍යානය, ෂුනාන් නගරය, ෂුනාන් නගරයේ යමගුචි ප්‍රාන්තයේ සහ ජපානයේ සිටින ජපන් මිතුරන් විසින් මෙම අලි දෙදෙනා ඉතා හොඳින් රැකබලා ගැනීම ගැන තමා සතුටු වන බව ද තානාපතිවරයා මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56