මියන්මාරයේ මිනිස් ජාවාරමට හසු වූ ශ්‍රී ලාංකිකයන් ගැන විදේශ අමාත්‍යංශයේ අවධානය

මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා ශ්‍රී ලාංකිකයින් ගොදුරු බවට පත්වෙමින් පවතින තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.

මෙලෙස මියන්මාරයට ගෙන ගොස් ඇති ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව ගෙන්වා ගැනීම සඳහා මියන්මාරයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව ක්‍රියාකාරීව මියන්මාර බලධාරීන්ගේ සහාය සහ සහයෝගය ලබාගෙන ඇති බවයි අමාත්‍යංශය නිවේදනය කළේ. මෙම තත්ත්වය 2022 වසරේ සිට පවතින ගැටලුවක් බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මියන්මාර රජයේ බලධාරීන් සමඟ එක්ව විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ මූලිකත්වයෙන් ගලවා ගැනීමේ සහ නැවත ගෙන්වා ගැනීමේ ප්‍රයත්නයන්වල ප්‍රතිඵලයක් ලෙස 2022/2023 කාලපරිච්ඡේදය තුළ වරින් වර විපතට පත් වූවන් 32 දෙනෙකු බේරා ගැනීමට හැකි වී තිබෙනවා.

තත්ත්වයෙහි බරපතල ස්වභාවය සැලකිල්ලට ගෙන, විදේශ අමාත්‍යවරයා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බිම්ස්ටෙක් විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරයට සමගාමීව මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය තාන් ස්වේ සමඟ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව කොළඹ මියන්මාර තානාපතිවරයා සමඟ දිගින් දිගටම කනස්සල්ල මතු කරන අතර ඔවුන් බේරා ගැනීමට සහ ආපසු ගෙන්වා ගැනීමට අවශ්‍ය සහය සහ ඉක්මන් මැදිහත්වීම් ඉල්ලා සිටින බවයි අමාත්‍යංශය කියාසිටියේ.

අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරුවලට අනුව මේ වන විට මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු රඳවා සිටින බව සඳහන්. මෙම ගැටළුව විසඳීම සඳහා මියන්මාර රජයේ බලධාරීන් සහ සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ සම්බන්ධ වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හැකි සෑම පියවරක්ම ගනිමින් සිටිනවා. පවතින තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයට ප්‍රවේශවීමේ දුෂ්කරතා පිළිබඳව මියන්මාර රජය දැනුම් දී තිබෙනවා.

ජාතික මිනිස් ජාවාරමට එරෙහි කාර්ය සාධක බලකාය (NAHTTF), අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID), මිනිස් ජාවාරම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍ර අපරාධ කොට්ඨාසය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ අඛණ්ඩව සම්බන්ධ වීමට දැනටමත් කටයුතු කර ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

2023 දෙසැම්බර් 19 වන දින මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර, මියන්මාරයේ ස්වදේශ කටයුතු අමාත්‍ය ලුතිනන් ජෙනරාල් යාර් ප්‍යායි සහ මියන්මාරයේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අධ්‍යක්ෂ ජනරාල් U. Aung Kyaw Oo Nay Pyi Taw හිදී හමු වුණා. මෙම හමුවේදී තානාපතිවරයා මියන්මාර රජයෙන් ඉල්ලා සිටියේ ජාවාරමට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට කඩිනම් සහය ලබා දෙන ලෙසයි.

ප්‍රධාන වශයෙන් තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා සඳහා මෙම පිරිස පිටත්ව ගොස් ඇති අතර ඔවුන් මියන්මාරයට යන්නේ රැකියා වීසා සහ කොන්ත්‍රාත්තු වෙනුවට සංචාර වීසා බලපත්‍ර භාවිතා කරමින් බවටයි තොරතුරු ලැබී ඇත්තේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී මෙම ශ්‍රමිකයින් මියන්මාරයට ගොස් ඇතැයි ද කරුණු අනාවරණ වී තිබෙනවා.

නිසි රැකියා කොන්ත්‍රාත්තු සහ රැකියා වීසා නොමැතිව විශාල වැටුප් ලබා දෙන බවට පවසමින් සිදු කෙරෙන මිනිස් ජාවාරම් සහ අපරාධ කණ්ඩායම්වලට හසු නොවන ලෙස අග්නිදිග ආසියානු කලාපයේ රැකියා අවස්ථා අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.

මියන්මාර රජය සමඟ සාකච්ඡා කර ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා හැකි සෑම මාර්ගයක්ම අමාත්‍යාංශය විසින් ගන්නා බව ද අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාරය අසළ නවතම දර්ශන මෙන්න - හමුදාව බෆර් රථවල රැදී සිටින අයුරු
00:53
Video thumbnail
"රාජකාරිය වෙනුවෙන් දිවි පුද කළ දර්ශන තරංග" - ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..
01:14
Video thumbnail
T 56 කවුළුවට දාලා වෙ# තියනවා..කවුද මේවට අණ දුන්නේ ?හමුදාව පාවිච්චි කරලා පාලනය කරන්න තිබ්බා
04:43
Video thumbnail
නාමල්ගෙන් අලුත් වැඩක් - ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතාකරනවා
02:26
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ නවතම තත්ත්තවය මෙන්න
01:41
Video thumbnail
වැඩේ හරියට කරන්න බැරිනම් ගෙදර යන්න - ඇමති විදියට පළවෙනි පාරට බන්ධනාගාරයට ගිහින් තියෙන්නේ ?
09:56
Video thumbnail
හර්ෂණගේ කතාවට අජිත් පී පෙරේරා සැරටම දෙයි
07:13
Video thumbnail
සිරකරුවන් වෙන්න පුළුවන් එයාලා ඉන්නේ රාජ්‍ය භාරයේ - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
05:32
Video thumbnail
අපි උඩ බලාගෙන හිටියේ නෑ - චෝදනාවලට ඇමති උත්තර දෙයි
07:38
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සියල්ල අධිකරණ ඇමති එළියට දායි - ප්‍රහාර යොමු කරලා CCTV කැමරා ටික කඩලා
08:51