යුක්තියේ මෙහෙයුමේදී ගතවූ පැය 24ට සැකකරුවන්  1865ක් අත්අඩංගුවට

දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී ගත වු පැය 24 ක කාලය තුළ හෙරොයින් 613gක්, අයිස් 746gක්, ගංජා 16kg 500 gක්, ගංජා පැල 272,041ක්, හෂීෂ් 263gක්, මාවා 49kg 400gක්, ඈෂ් 16gක්, තූල් 852gක්, මදන මෝදක 479gක් සහ මත්පෙති 3142ක් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තියේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් ගණන 1865ක්.ඉන් සැකකරුවන් 145ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

සැකකරුවන් 40 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 134 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?