කඳාන සෙබස්තියන් මාවතේ නිවසක විදුලිසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම පුද්ගලයා මියගොස් සිටි නිවසේ කිසිවෙකුත් පදිංචිව සිට නොමැති බවයි. සොර සතුරන්ගෙන් නිවස ආරක්ෂා කරගැනීමේ අපේක්ෂාවෙන් නිවසේ ජනේලවලට සිහින් විදුලි කම්බි සම්බන්ධ කර තිබූ බවයි නිවසේ හිමිකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙන්නේ.
මෘතශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි.
නිවසේ හිමිකරු, ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
