බලපත්‍රයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළග තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළග තබා ගෙන සිටි පුද්ගලයෙකුව හෙට්ටිපොල පොලීසිය විසින් ඉකුත් 21 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල – දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.

සැකකරු සතුව තිබී ස්ට්‍රෝන් ට්‍රැක් නම් කළු ගල් කැඩීමට යොදා ගන්නා රසායණික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20 ක්,ඩයිනමයිට් කූරු 04 ක්,සේවා නූල් අඩි 20 ක කොටසක් සහ ඇමෝනියා කුඩු ග්‍රෑම් 300 ක්,පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු ලග්ගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරික කටයුතු සිදු කරන අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සැකකරු සහ ඔහු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය හෙට්ටිපොල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.