යතුරු පැදියක් සහ මෝටර් කාර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය සදහන් පවසයි.
21 වැනිදා රාත්රී 10.30 ට පමණ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ සිරම්බිඅඩියේ පදිංචිකරුවෙකු වන අජිත් කුමාර (47) නම් අයෙකි.
යතුරු පැදියේ ගැටී ඇති මෝටර් කාර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවද පොලීසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් කාර් රථය තුළ 05 දෙනෙකු සිට ඇත. ඔවුන් අධික ලෙස මත් පැන් පානය කර සිට ඇති බවද පොලීසිය සදහන් කරයි.
අනතුරට සම්බන්ධ මෝටර් කාර් රථය තුළ සිටි 03 කු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි




