කොලොන්නාව ඛනිජ තෙල් ගබඩා පර්‍යන්තයේ කලාප 6යේ අංක 18 ටැංකියේ ගබඩා කර තිබූ ඔක්ටේන් 92 පෙට්‍රල් තොගයක් අස්ථානගත වී ඇතැයි වාර්තා වනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෑතක දී ආනයනය කළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36000ක් කොලොන්නාව ගබඩා සංකීර්ණයේ දී ගබඩා කිරීමේදී ප්‍රමාණය ඉක්මවා ගබඩා කිරීම හේතුවෙන් මෙලෙස සිදුවී ඇති බවටයි වාර්තා වන්නේ.
අදාල පෙට්‍රල් තොගය ගබඩා කරන අවස්ථාවේ අංක 18 ටැංකියේ ගබඩා කළ යුතු ප්‍රමාණය වන මීටර 12.5 සීමාව ඉක්මවා මීටර 14.5 සීමාව දක්වා ගබඩා කිරීමට කටයුතු කර ඇත්තේ ඉහල නිලධාරියෙකුගේ උපදෙස් මතයි.
පසුගිය 11 වැනිදා මෙම ටැංකියට ගබඩා කර ඇති ඉන්ධන තොගය පසුගිය 21වැනිදා උදෑසන මිනුම් කිරීමේදී ගබඩා කරන ලද ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක පෙට්‍රල් ශේෂයකුයි පෙන්වා ඇත්තේ.
එම හිඟය ලීටර් 175,000කට ආසන්න බව කියැවේ.
අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසුණේ අදාල හිඟය සම්බන්ධයෙන් කොලොන්නාව පොම්පගාරයේ ලොග් සටහන් පොතේ ඒ පිළිබඳ සටහන් තබා ඇති බවයි.
කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්තා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙලෙස කාන්දු වූ ඉන්ධන ප්‍රමාණය ආවරණය කිරීමට ජලය මීටරයක ප්‍රමාණයක් නැවත එම ටැංකියට එකතු කිරීමට ඉහළ නිලධාරීන් උපදෙස් ලබා දී ඇති බවයි.
අදාල සටහන් පොතේ එලෙස ලබා දුන් උපදෙස් අනුව එම කටයුතු සිදුකළ බවත් එම පොම්පාගාරයේ වැඩ නායකවරුන් විසින් සටහන් තබා ඇති බවත් වාර්තා වනවා.














