ලඩියාගේ බස් රථ දෙකක් පොලිස් භාරයට

ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘දිනමුල්ල කංකානම්ගේ නලින් චතුරංග’ නොහොත් ‘ලඩියා’ නැමැත්තාට අයත් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා සුඛෝභෝගී බස් රථ දෙකක් සිය භාරයට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුමට සමගාමී ව සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසයි අදාළ බස් රථ දෙකට තහනම් නියෝගය ලබා ගෙන තිබෙන්නේ.

ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන හෝමාගම සහ අතුරුගිරිය ප්‍රදේශයේ ඔහුගේ මිතුරන් දෙදෙනකුගේ නමින් 2019 වසරේ දී ආසන 29 බැගින් වූ මෙම බස් රථ දෙක මිල දී ගෙන විදේශිකයන් ප්‍රවාහනය කරන සංචාරක සේවා සඳහා යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?