එලඹෙන සංචාරක සමයත් සමග නව වසරේ සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරියේ නාවුක කොට්ඨාසය පවසනවා .
එමෙන්ම ඉදිරි වසරවලදී සුඛෝපභෝගී නෞකා විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට පැමිණීම සඳහා ගිවිසුම් ගත වී ඇති බවයි සඳහන් වන්නේ
එබැවින් එම මගී නෞකාවල මෙහෙයුම් කටයුතු සඳහා දැනට තිබෙන පැරණි මගී පර්යන්තයේ ඉඩකඩ සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් එම මෙහෙයුම් කටයුතු සඳහා බණ්ඩාරනායක තටාකය පිහිටි ජැටිය යොදා ගැනීමටත්, එම ස්ථානයේ පිහිටි ගබඩා වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමටත්, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා .
ඒ අනුව මීටර් 350 ක් දිගින් යුතු විශාල නෞකා 03ක් එකවර පැමිණියත්, එම මෙහෙයුම් කටයුතු සහ සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට හැකියාව ලැබෙනු ඇති .




