ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළයාමත් සමග එහි වාන්දොරටු පහෙන් වාන් දොරටු දෙකක්, අඩි හතර හමාර බැගින් අද 20 වෙනිදා උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව මොරගහකන්ද සහ කළුගඟ ජලාශ කාර්යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඒ අනුව වාන් දොරටු දෙකෙන් තත්පරයට ගණ අඩි 4000 ක ජල කඳක් අඹන්ගඟට මුදා හැරෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහකන්ද සහ කළුගග ජලාශ භාර ඉංජිනේරු බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
මොරගහකන්ද ජලාශයේ අක්කර එක් ලක්ෂ හැටදාහක විහිදුණු ජල ධාරා ප්‍රදේශයක් පිහිටා තිබෙන අතර, දළ වශයෙන් වර්ග කිලෝමීටර් තිහකට ආසන්න භූමියක පැතිර ඇති ජලාශය, ජලය අඩි අක්කර අඩි ලක්‍ෂ හතර හමාරක ආසන්න ප්‍රමාණයක් ගබඩා කරගැනීමට හැකියාව පවතින බවද බණ්ඩාර මහතා පැවසුවේ.
පොළොන්නරුව ධාරිතාවය මෙන් සිව්ගුණයක් පවතින මොරගහකන්ද ජලාශය,මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික් වලට මායිම්ව පිහිටා තිබෙන අතරින් මෙම ජලාශයේ ස්වයංක්‍රීය වාන්දොරටු පහක් පිහිටා තිබේ.




