හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තිය සමිති හතළිහක් පමණ මාස ගණනාවක් සිට ආදායම් බදු අඩුකරන ලෙස ඉල්ලා බදු බර හේතුවෙන් උගත් වෘත්තිකයන් සහ ඉහළ පුහුණුවක් ලත් වෙනත් ශ්‍රේණීන් රට හැර යෑමට පෙළඹීම තුළින් අර්බුදයක් නිර්මාණය වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.

එසේම අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවද වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයාද එම පක්ෂයේ ප්‍රතිපත්තියට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන දේශපාලන පක්ෂයක නායකයෙක් බවයි.

බදු බර අඩු කිරීම මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

387513570 1606877939716690 72641543519124119 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
10
+1
4
+1
2
+1
1
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?