ලංවිම සේවකයින්ට බෝනස්, වැටුප් වර්ධක හෝ දිරි දීමනා නොගෙවීමට තීරණයක්

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකරගේ උපෙදස් මත 2023 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ට ප්‍රසාද දීමනා හෝ අනෙකුත් දීමනා නොගෙවීමට තීරණය කර තිබෙනවා.

25%ක වැටුප් වර්ධක ද ක්‍රියාත්මක නොකරන ලෙසටද අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.ලංවිම නිලධාරීන්ට ගෙවා ඇති විවිධ දිරි දීමනා සහ දීමනා පිළිබඳ තොරතුරු හා නිලධාරීන් කුලියට ගෙන ඇති වාහන හා කුලී ලෙස ගෙවන මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා දැනුම්දි තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
2
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?