වන සත්ව සුබසාධනය සඳහා වන වාර්ෂික රාජකීය සම්මාන උලෙළේදී හොඳම තරුණ ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට අවුරුදු 8ක දැරියක් සමත් වි තිබෙනවා.
මෙම තරගය එංගලන්තයේ සහ වේල්සයේ වාර්ෂිකව ක්‍රියාත්මක වන සම්මාන උලෙළක් වන අතර ඇයට මේ සම්මානය හිමි වූයේ ඇගේ සුරතල් කළුකුමාගේ සමීප ඡායාරූපයකටයි.
තරුණ ඡායාරූප ශිල්පියාගේ සම්මානය සඳහා තරගකරුවන් 6,000කට වඩා ඉදිරිපත් වී සිටි බව එරට මාධ්‍ය වාර්තා කළා. වාර්ෂික රාජකීය සම්මාන උලෙළේදී හොඳම තරුණ ඡායාරූප ශිල්පියාගේ සම්මානය දිනා ගත් ළාබාලතම ඡායාරූප ශිල්පියා හෝ ශිල්පිනිය ද ඇය බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
කුඩා වියේ සිටම ඡායාරූපකරණයට යොමු වී සිටින ඇය මේ වනවිට ලොවපුරා ජනප්‍රිය චරිතයක් බවට පත්ව හමාරයි.
මෙම දැරියට Eagle Eyed Girl නමින් ඇගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යයි. එහි ඇය විසින් ගනු ලැබූ වනජීවීන්ගේ ඡායාරූප සහ වීඩියෝපට රැසක් ඇතුළත් වනවා














Good job. She has a nice future.god blessé baby.