ඇමැති ටිරාන් කරපු කතාවකට නීතීඥ සංගමයේ අප්‍රසාදය

පසුගිය දා ටිරාන් අලස් අමාත්‍යවරයා නීතීඥවරු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අප්‍රසාදය පළකරන බව කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, යම් පුද්ගලයෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු ලෙස තින්දු කරන තෙක් චූදිතයෙකු ලෙස සැලකෙන බවය.

එවැනි චූදිතයින් වෙනුවෙන් පෙනී සිටීමට සහ චුදිතයෙකුට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිඥ සහාය ලබාගැනීමේ අයිතියක් පවතින බව ද එම සංගමය පෙන්වා දෙයි.

ටිරාන් අලස් අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි වූයේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතීඥවරු බවය.

කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය සිය නිවේදනය මඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ, නීතිඥ වෘත්තිය රටේ යුක්තිය සාධාරණත්වය මෙන්ම නීතියේ ආධිපත්‍ය රැකගැනීමට කටයුතු කරන වෘත්තීය ක්ෂේත්‍රයක් බවය.

ටිරාන් අලස් අමාත්‍යවරයා නීතීඥ වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බව ද එම සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන්ය.

image 4
image 5
image 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?