5 වසර ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ කටයුතුවලින් ගුරුවරුන් ඉවත් වෙයි

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ කටයුතු සඳහා පැමිණි ගුරුවරුන් අද දිනයේදී විභාග රාජකාරීන් වලින් ඉවත් වී විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඒ ඊයේ දිනේදී විභාග නැවත සමීක්ෂණ කටයුතු සඳහා පැමිණි ගුරුවරුන්ට අවශ්‍ය කරන නවාතැන් පහසුකම් සපයා නොදීම හා ප්‍රධාන පරීක්ෂකවරුන් විසින් නැවත සමීක්ෂණ කළ යුතු පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා සහකාර පරීක්ෂකවරුන් කැඳවීම සම්බන්ධයෙනි.

උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා පිට පළාත්වලින් විශාල ගුරුවරුන් පිරිසක් පැමිණ ඇති අතර හම්බන්තොට යාපනය වවුනියාව මඩකලපුව වැනි ප්‍රදේශ වලින්ද පැමිණ ඇති බවත් ඔවුන්ට නියමිත නවාතැන් පහසුකම් නොලැබීම හේතුවෙන් ඊයේ දිනයේදී දැඩි අපහසුතාවයකට පත් වූ බවත් බොහෝ පිරිස් පෞද්ගලිකව රුපියල් 2500ක් වැනි මුදල් ගෙවා කාමර කුලියට ගෙන දින රෑ පහන් කළ බව ඔවුන් චෝදනා කරනවා.

මෙසේ රෑ පහන් කළ බොහෝ දෙනෙක් කාන්තාවන් බව ඔවුන් චෝදනා කරනවා එමෙන්ම බොහෝ පිරිසක් නැවත ගමට ගොස් උදෑසන පැමිණි බවද ඔවුන් ප්‍රකාශ කරනවා.

දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරමින් මේ ආකාරයෙන් උත්තර පත්‍ර සමීක්ෂණ කිරීමට පැමිණි ඔවුන්ට මේ ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන් ඔවුන් දැඩි ලෙස අප්‍රසාදය පළ කරනවා. මෙහිදී විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතා පහත් ලෙස තමන්ට සැලකූ බවත් ඔවුන් චෝදනා කරන අතර මෙහිදී විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ගුරුවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවුනා.

එම අවස්ථාවට විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තුමාද පැමිණ ගුරුවරුන්ව නැවත සමීක්ෂණ කටයුතු සඳහා රැගෙන යෑමට සහ ගැටලුව විසඳීමට මැදිහත් වූ අතර පසුව ඔවුන් එම ස්ථානයෙන් පිටව ගියා.

මෙහිදී විභා කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කර සිටියේ සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවයි