ඔස්ට්‍රේලියාවේ කැන්බරා සත්වෝද්‍යානයේදී කාන්තාවකගේ ඝාතන සිද්ධියකට සැකපිට ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
29 හැවිරිදි වියේ පසුවූ ජූඩ් විජේසිංහ නමැති පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙයි සූපවේදියෙකු ලෙස කටයුතු කරන බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.
තියුණු ආයුධයකින් පහරදීමෙන් අදාළ කාන්තාව ඝාතනය කර ඇති අතර අනතුරුව සැකකාර ජූඩ් විජේසිංහ නමැත්තාද ආයුධයකින් තමන්ටම තුවාල සිදුකරගෙන ඇති බව එම මාධ්‍ය වාර්තා කරනවා.ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඝාතනයට ලක්ව ඇති කාන්තාව සහ සැකකාර ජූඩ් එකට සේවයේ නිරතව ඇති බවත් ඝාතනයට භාවිත කළ බවට සැක පිහියද මේ වනවිට ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.




