විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැති වීම හේතුවෙන් බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වෙළදපොලේ මේවන විට කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යවල හිඟතාවයක් පවති.
මේ හේතුවෙන් තාවකාලික පියවරක් ලෙස මෙම බඩඉරිඟු ආනයනය කිරීමට නියමිතයි
සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ලියාපදිංචි විදේශ සැපයුම්කරුවන් වෙතින් බඩඉරිඟු ආනයනයට කටයුතු යොදා තිබේ
