පාසල් ළමුන් පිරිසකට පොලිතින් කැවු විදුහල්පතිවරයා ඉල්ලා සිසු සිසුවියන් සහ දෙමව්පියන් උද්ඝෝෂණයක

පාසල් ළමුන් පිරිසකට පොලිතින් කැවු විදුහල්පතිවරයා යළිත් පාසල වෙත ලබාදෙන ලෙස බලකරමින් එම
පාසලේ ගුරුවරුන් , සිසු සිසුවියන් සහ දෙමව්පියන් පිරිසක් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වනවා.

නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ජානක ජයවර්ධන මහතා නොවැම්බර් මස (21) දින එම
පාසලේ 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් පාසලට රැගෙන ඒමට තහනම් කර තිබු පොලිතින් වල දිවා ආහාර රැගෙනවිත් ආහාර අනුභව කිරිමෙන් අනතුරුව යලිත් එම පොලිතින් නිවසට රැගෙන යාමට සිය බැගය තුල දමාගෙන සිටියදි විදුහල්පතිවරයා විසින් එම පොලිතින් රැගෙන සිසුන් හත්දෙනෙකුට එය අනුභව කරන ලෙසට කල නියෝගය මත සිසුන් හත්දෙනා ඔවුන් රැගෙන පැමිණ පොලිතින් අනුභව කිරිමෙන් අනතුරුව ඉන් ළමුන් පස්දෙනෙකු රෝගාතුර වි නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.

රෝහල්ගත සිසුන්ගේ දෙමව්පියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය විසින් විදුහල්පතිවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා ඇප මත මුදා හැර තිබුණා.

දැනට උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියන් කියා සිටින්නේ විදුහල්පතිවරයා විදුහලේ විනය පවත්වාගෙන යාමට ක්‍රියාකල බවත්, ඒ අනුව පාසලේ පරිසර පද්ධතිය රැක ගැනිම සදහා පාසලට පොලිතින් රැගෙන ඒම තහනම් කර තිබියදි එම සිසුන් පිරිස විසින් පොලිතින් වල ආහාර ඔතා රැගෙන විත් ඇති බවත්ය.

තාවකාලිකව මාරු කර ඇති විදුහල්පතිවරයා යලිත් එම පාසලට ලබාදෙන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන බවත් මෙයට විසදුමක් ලැබෙන තෙක් පාසල් පැවැත්වෙන සැම දිනකම මෙම උද්ඝෝෂණය සිදු කරන බවත් දෙමව්පියන් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
12
+1
0
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?