කොළඹ සිට හැටන් දක්වා ධාවනය කළ ලංගම බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට හැටන් සිට ගම්පොල දක්වා ධාවනය වු ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් (18) දින අනතුරක් සිදු වි ඇති බව වටවල පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේදිය. හැටන් සිට ගම්පොල දක්වා ධාවනය කර ඇති ලොරි රථය ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග ලිස්සා ගොස් කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බව පොලිසිය පැවසිය.
අනතුරෙන් ලංගම බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බවත්, අනතුරෙන් ලොරි රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇත.
අනතුරෙන් ලොරි රථයට සහ ලංගම බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.




