හෙට සිට මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණය ජනතා අයිතියට

මරඳගහමුල සුළු සහ මධ්‍යම පරිමාණයේ සහල් ව්‍යාපාරයෙහි නිරත ව්‍යපාරිකයන් වෙනුවෙන් ඉදිකර වසර නවයකට ආසන්න කාලයක් අත්හැර දමා තිබූ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) විවෘත වේ.

මරඳගහමුල නගරය සහල් තොඟ වෙළඳාම සදහා මෙරට ප්‍රසිද්ධ නගරයකි. මෙරටතුළ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ව්‍යාපාරික ප්‍රජාවක් සිටින එකම ස්ථානය මරඳගහමුලයි. 1977 වසරේ සිට මේ දක්වා සහල් ව්‍යාපාරකයින් දුෂ්කරතා රැසක් මැද තම ව්‍යාපාරික කටයුතු මරඳගහමුලනගරයේ සිදු කරයි. එහෙත් සහල් අලෙවිය සඳහා පහසුකම් සහිත නියමිත ස්ථානයක් නොපැවතීම සහ සහල් ගබඩා කිරීමේ ස්ථානයක් නොපැවතීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත් ව සිටියහ.මරඳගහමුල ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය පිහිටි ඉඩම අක්කර දෙකක පමණ විශාලත්වයකින් යුතුය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වෙළඳ කුටි 115 න් පමණ සමන්විත මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 459 මුදලක් වැයවූ බවයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත. ගබඩා සංකීර්ණයේ වී මෙක්ට්‍රික් ටොන් 75,000ක් පමණ ගබඩා කිරීමට පහසුකම් ඇත. වී අළවි මණ්ඩලය යටතේ පවතින එම ගබඩා දෙකද මේ වනතෙක් කිසිඳු ප්‍රයෝජනයක් ගෙන නැති බවට වෙළෙඳුන් චෝදනා කරයි. මෙම ගබඩා සංකීර්ණය ලබන මහ කන්නයේ සිට වී ගබඩා කිරීමට බස්නාහිර පළාත් සමූපාකාර දෙපාර්තමේන්තුවට ලබාදෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
වාහනවලට ගමන් කිරීමට නොදී පාරත් බදුගෙන යන මිනිස්සු..හෙල්මට් නැතුව යන්නේ
01:33
Video thumbnail
බෙලිගහ අධිකරණ සංකීර්ණය නිසා චානක - හර්ෂණ පැටලෙයි.."කවදාවත් පැයකටවත් විවෘත කළේ නෑ"
04:34
Video thumbnail
"දැන් පුංචි එංගලන්තේ නෙවෙයි මුඩුක්කු ලන්තේ"..අනවසර ඉදිකිරීම් නිසා ජනතාවට යකා නගියි
05:09
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12