යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස්

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කරන මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් පත්කර තිබෙනවා.

මෙම පත් කිරීම සිදුකර ඇත්තේ මාස දෙකක පුරප්පාඩු කාලයකින් පසුවයි.

2023 දෙසැම්බර් 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ඔක්තෝබර් මස 13 වනදා එම ධුරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් සංජය වනසිංහ සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විශ්‍රාම යනු ලැබුවා.

එතැන් පටන් මේ දක්වා මාස දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවැනි ඉහළම ධුරයවන මාණ්ඩලික ප්‍රධානි ධුරය පුරප්පාඩුව පැවතියා.

මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් 1988 වසරේ ජුලි 26 වනදා කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව තිබෙනවා.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් මේජර් ජෙනරල් පීරිස් මෙම ධුරයේ රාජකාරී කටයුතු භාරගැනීමට පෙර ආරක්ෂක සේනා ආඥාපති – බටහිර වශයෙන් රාජකාරි සිදුකළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40