කියුබාවේ පොල් වවන්න ශ්‍රී ලංකාවෙන් සහාය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කියුබානු තානාපති Andres Marcelo Gonzales Garrido මහතා අතර පැවති හමුවකදී කියුබාවේ පොල් වගාව සඳහා ආධාර ලබාදීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කියුබානු තානාපති Andres Marshelo Gonzales Garrido (ඇන්ඩ්‍රස් මාර්ෂෙලෝ ගොන්ස්ල්ස් ගරිඩෝ) මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදුවුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සහ අනෙකුත් ජාත්‍යන්තර සංසදවලදී කියුබාව ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් කියුබානු තානාපති Andres Marshelo Gonzales Garrido (ඇන්ඩ්‍රස් මාර්ෂෙලෝ ගොන්ස්ල්ස් ගරිඩෝ) මහතාට එහිදී අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පුද කළා.

ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට කියුබාව ලබා දී ඇති සහයෝගය පිළිබඳව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය ක්ෂේත්‍රයේදී දෙරට අතර අඛණ්ඩ සහයෝගීතාවයේ අවශ්‍යතාවය අවධාරණය කරනු ලැබුවා. මදුරු මර්දන කටයුතු සම්බන්ධයෙන් කියුබානු විශේෂඥ දැනුම ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් සමඟ බෙදා ගැනීමටයි තානාපතිවරයා මෙහිදී එකඟ වී ඇත්තේ.

දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද සාර්ථක අත්හදා බැලීම් පිළිබඳව සතුටට පත්වන බව පැවසූ කියුබානු තානාපතිවරයා කියුබාවේ සාර්ථකව පොල්වගාව සිදුකිරීමට ශ්‍රී ලංකාවෙන් පොල් පැළ බලාපොරොත්තු වන බවයි සඳහන් කළේ. නුදුරේදීම කියුබාවට පොල් බීජ 200ක් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍යවරයා තානාපතිවරයාට සහතික වූ අතර මෙරට පොල් පර්යේෂණ ආයතනයෙන් කියුබාවේ පොල් කර්මාන්තය දියුණු කිරීම සඳහා වූ විශේෂඥ දැනුම ද ලබා දීමට ද එකඟ වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන, ගොවිතැන් සහ සත්ව පාලන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඉඩකඩ පවතින බවයි තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?