කියුබාවේ පොල් වවන්න ශ්‍රී ලංකාවෙන් සහාය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කියුබානු තානාපති Andres Marcelo Gonzales Garrido මහතා අතර පැවති හමුවකදී කියුබාවේ පොල් වගාව සඳහා ආධාර ලබාදීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කියුබානු තානාපති Andres Marshelo Gonzales Garrido (ඇන්ඩ්‍රස් මාර්ෂෙලෝ ගොන්ස්ල්ස් ගරිඩෝ) මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදුවුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සහ අනෙකුත් ජාත්‍යන්තර සංසදවලදී කියුබාව ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් කියුබානු තානාපති Andres Marshelo Gonzales Garrido (ඇන්ඩ්‍රස් මාර්ෂෙලෝ ගොන්ස්ල්ස් ගරිඩෝ) මහතාට එහිදී අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පුද කළා.

ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට කියුබාව ලබා දී ඇති සහයෝගය පිළිබඳව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය ක්ෂේත්‍රයේදී දෙරට අතර අඛණ්ඩ සහයෝගීතාවයේ අවශ්‍යතාවය අවධාරණය කරනු ලැබුවා. මදුරු මර්දන කටයුතු සම්බන්ධයෙන් කියුබානු විශේෂඥ දැනුම ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් සමඟ බෙදා ගැනීමටයි තානාපතිවරයා මෙහිදී එකඟ වී ඇත්තේ.

දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද සාර්ථක අත්හදා බැලීම් පිළිබඳව සතුටට පත්වන බව පැවසූ කියුබානු තානාපතිවරයා කියුබාවේ සාර්ථකව පොල්වගාව සිදුකිරීමට ශ්‍රී ලංකාවෙන් පොල් පැළ බලාපොරොත්තු වන බවයි සඳහන් කළේ. නුදුරේදීම කියුබාවට පොල් බීජ 200ක් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍යවරයා තානාපතිවරයාට සහතික වූ අතර මෙරට පොල් පර්යේෂණ ආයතනයෙන් කියුබාවේ පොල් කර්මාන්තය දියුණු කිරීම සඳහා වූ විශේෂඥ දැනුම ද ලබා දීමට ද එකඟ වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන, ගොවිතැන් සහ සත්ව පාලන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඉඩකඩ පවතින බවයි තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැසිකිළිවලට මුලගල් තියන එක තමයි මේ ආණ්ඩුවේ සංවර්ධනය
11:08
Video thumbnail
චාමර දීපු Entry එකට වේදිකාව දෙදරෙයි
01:45
Video thumbnail
හිරේ දාලා අපිව බය කරන්න බෑ - දුමින්ද සැරවෙයි
09:43
Video thumbnail
එරාජ් ප්‍රනාන්දු එළොව ගිය ස්ථානයට මහේස්ත්‍රාත්වරයා පැමිණෙයි - ගොඩනැගිල්ල ඇතුළත දර්ශන මෙන්න
03:25
Video thumbnail
අපේ කවුරුහරි ජනාධිපති සූට් මහනවා නම් අපි ඒක ගලවනවා
03:54
Video thumbnail
අධිකරණයෙන් එළියට ආ වටගල කිව්ව දේ - නීත්‍යානුකූලයි සහ ජනමත විචාරණයක් අනවශ්‍ය බව පෙන්නුවා
02:06
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14