වැඩි වන බදු, විදුලිය සහ ජල ගාස්තුවලට විසඳුම් සෙවිය යුතු බව හිටපු ජනපති කියයි

රට තුළ ක්‍රියාත්මක වන ඉහළ බදු, විදුලිය හා ජල ගාස්තු සඳහා විසඳුම් සෙවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අමතමින් ඔහු කියා සිටියේ මෙයට පිළියම් යෙදීමට පියවර නොගතහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාව මීටත් වඩා දරුණු අර්බුදයකට මුහුණ දෙන බවයි.

තවත් අර්බුදයකට ජාතියට මුහුණ දීමට ඉඩ නොතබා රට ඉදිරියට ගෙන යාමට මාවතක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළ යුතු බව ද රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඇතැම් දේශපාලනඥයන් ජාතියේ තරුණ තරුණියන් රවටා තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා

“ඔවුන් ජාත්‍යන්තර පීඩනයට හසු වී තමන්ගේම රටට දැඩි හානියක් කරමින් සිටිනවා. ඒ නිසා තමයි අපි කියන්නේ එදාට අදට සාපේක්ෂව ශ්‍රී ලංකාවට එල්ල වූ පීඩනයේ අඩුවක් නැහැ කියලා. අපි එක්ව මේ ජාතිය ගොඩනගමු. ජනතාව බලාපොරොත්තු වන පිරිසිදු දේශපාලනයක් ලබාදීමට අප හා එක්වීමට කැමති සියලු දෙනාට අපි ආරාධනා කරනවා” යැයි ඔහු විවෘත ආරාධනයක් ද සිදු කළා.

ඉදිරි මැතිවරණය පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත්ම පක්ෂය බවට පත්වන බවයි.

අරගල සමයේ තම පාක්ෂිකයන්ට සිදුවූ හානි පිළිබඳව විශේෂ කොමිෂන් සභාවක් පත්කර විමර්ශනයක් සිදුකළ යුතු බව ද මහින්ද රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,

“ඔබ සියලුදෙනා තමා අපේ පක්ෂයේ ශක්තිය. ශක්තිය ඔබයි. දැන් බලන්න අපේ සම්මේලනය තියෙනවා කිව්වහම සමාජ මාධ්‍ය යොදාගෙන ඇති තරම් මඩ ගැහුවා. ඒ ගහපු මඩවලට ඔබ තමුන්නාන්සේලා හොඳ පණිවුඩයක් මුළු රටටම දීලා තියෙනවා. හොඳට මතක තියා ගන්න. අපි 2005 දී මේ රට භාරගන්න කොටත් අපිට මඩගැහුවා. ඔබ දන්නවා 30 අවුරුදු යුද්ධයේ දී මේ රටේ කිසිම නායකයෙක්ට ප්‍රභාකරන් එක්ක මුහුණට මුහුණ යුද්ධ කරන්න බැරි වුණා. සමහර නායකයෝ යුද්ධය නවත්වන්න ප්‍රභාකරන්ට ආයුධ පවා දුන්නා. මතකද ? මම අහන්නේ නෑ කවුද කියලා. යුද්ධයක් ගැන මතකයක් නැති දරුවන් අද සමාජගත වෙමින් ඉන්නවා. හැබැයි මේ දරුවෝ රවට්ටගෙන තමන්ගේ දේශපාලන අවශ්‍යතා සපුරාගන්න උත්සාහ කරන පිරිසකුත් දැන් ඉන්නවා.

මේ තොරතුරු දන්නේ නැති පිරිසක් තමයි කයිය නායකලා මඟ යමින් ඒ කණ්ඩායමට අහුවෙලා බොරු ප්‍රචාර කරනවා. එයාලා හැමදාම කළේ විවේචන විතරයි. වැඩක් නෑ. වැඩක් නෑ නෙමෙයි වැඩ බෑ. එක දෙයක් එයාලට හොඳට පුළුවන්. එයාලට හොඳට ගිනි තියන්න පුළුවන්. ගිනි තියන්න පුළුවන් වුණාට ගිනි නිවන්න බෑ. ගස් නගින පූස් පැටව් වගේ. ගහට නගිනවා. ගහෙන් බහින්න බෑ. 2015 දී රටේ ඇතැම් පිරිසකට වෙනසක් ඕන වුණා. ඒ වෙනස කරපු දේ තමයි ආර්ථික වේගය ඍණ 0.2 වෙනකල්ම පල්ලම් බැස්සුවා. අපි කවුරුත් නොසිතූ ලෙස කොවිඩ් ආවේ එලෙස බිඳ වැටුණු ආර්ථික පසුබිමක් තිබුණු රටකට. යුද්ධයෙන් මිනිස්සු මැරෙන එක නවත්තපු අපි කොවිඩ්වලින් මිනිස්සු මැරෙන එක නවත්වන්න වැඩකරා කියන එක ඔබට මතක ඇති.

ඒ අභියෝගය අත්නොහැර හිටපු වෙලාවක තමා අර ජනතාව කුපිත කරපු ව්‍යාපාර ආරම්භ වුණේ. එතැන් පටන් සිද්ධ වුණ දේවල් ඔබ තමුන්නාන්සේලා දන්නවා. ඒ නිසා බොරුව ජනගත කරන්න උත්සාහ කරන කණ්ඩායම හමුවේ අපි තවත් ඇස් කන් පියාගෙන සිටිය යුතු නෑ. මොන බලවේග ආවත් හෙට දවසෙත් රටේ ප්‍රබලම බලවේගය අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා විශ්වාසයෙන් කියනවා. එදා අරගලයට මුවා වෙලා අපේ පාක්ෂිකයන්ට ඇතැමෙක් හිරිහැර කළා. අපේ මන්ත්‍රීවරයෙක් මහ මඟ මරා දැම්මා. හරි නම් මේවට කොමිසමක් පත් කරලා විමර්ශන කරන්න ඕනේ. මේ ප්‍රශ්න අපි අනාගතේ දවසක සාධාරණව විසඳාගන්නවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි.

ඒ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය සම්මේලනයට සමගාමීව නගර කිහිපයක සිටුවා තිබූ කොඩි කණුවල ප්‍රදේශවාසීන් විසින් තණකොළ සහ පිදුරු එල්ලා තිබෙනු දක්නට ලැබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයට සහභාගීවීම සඳහා අද පෙරවරුවේ සිට දිවයිනේ විවිධ ප්‍ර දේශවල සිට පාක්ෂිකයින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණියා.

ඇතැම් ප්‍රදේශවල සිට පැමිණි බස් රථවල ප්‍රමාණවත් මගීන් නොසිටීම හේතුවෙන් අතරමඟදී වෙනත් බස් රථවලට මාරුකරන ආකාරයද දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
23
+1
0
+1
2
+1
1
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32