වැලිකඩ ප්‍රධාන පුහුණු ජේලර්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘වෑල්ඩින් රුවන්’ STF දැලේ

වැලිකඩ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම ප්‍රබල සංවිධානාත්මක අපරාධ හා මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කරන්දෙණිය සුද්දාගේ ප්‍රධාන ගෝලයා වන ‘වෑල්ඩින් රුවන්’ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අයිස් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 590ක් ද ඔහු සන්තකයේ තිබී සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අම්බලන්ගොඩ, ගලගොඩවත්ත, කුලීගොඩ ප්‍රදේශයේ දී ඊයේ (14) මෙම වැටලීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
30 හැවිරිදි වියේ පසු වූ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

පසුගිය දිනයක දී සිදු වූ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙම පුද්ගලයා බවත්, එම නඩුවෙන් දැනට ඇප මත නිදහස්ව සිටින අයෙකු බවට තොරතුරු අණාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?