කුඩයකුත් අරගෙනම යන්න ඕන හෙළ බොජුන්හල

මහනුවර, ගන්නොරුවේ පිහිටි හෙළ බොජුන් හලට යන ජනතාවට කුඩයක් අතැතිව යාමටත්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන පුද්ගලයන්ට බුට් යුගලක් පැළදීමටත් සිදුව ඇති බව දසත නිවුස් වෙත වාර්තා වනවා.

මේ ඒම ස්ථානවල වත්මන් තත්ත්වය පිළිබඳ දසත නිව්ස් කළ විමසා බැලීමක්.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, දිවයින පුරා හෙළ බොජුන් අවන්හල් පවත්වාගෙන යන්නේ “දේශිය ආහාර පරිභෝජනය ඉහළ නැංවීම හා දේශීය ආහාර සුලබ කිරීමේ” සංකල්පය මෙරට ජනතාව අතරට ගෙනයාම සදහායි.

රස ගුණ මෙන්ම සාධාරණ මිලකට , බඩ කට පිරෙන්නට ආහාර ලබාගැනීමට හැකියාව ඇති හෙයින් බොහෝ දෙනෙකු හෙළ බොජුන් අවන්හල්වල සේවය ලබාගැනීමට පෙළඹී සිටිනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් ගන්නෝරුව, පේරාදෙණිය, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශවල හෙළ බොජුන් අලෙවිසල් 04ක් ක්‍රියාත්මකයි.

ගන්නොරුවේ ස්ථාපිත කර ඇති හෙළ බොජුන් අලෙවි සැලට වැසි දිනවල ඔබ ආහාර ගැනීමට යන්නේ නම් අනිවාර්යෙන්ම කුඩයක් රැගෙන යායුතුම වනවා.

එසේ නොවුනහොත් ඔබහට සිදුවන්නේ ආහාර ගන්නා අතරවාරයේ හොඳ හැටි නාගන්නටයි.

සාමාන්‍යයෙන් රජයේ ආයතනවල සේවය ලබාගැනීමට යන ජනතාවට ඒම ආයතන බහුතරයක් සම්බන්ධයෙන් පවතින්නේ එතරම් හොඳ ආකල්පයක් නොවේ.

කෙසේ වෙතත්, ඒවන් පසුබිමක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වැඩි වශයෙන් ජනතාව හෙළ බොජුන් අවන්හල් කරා ආකර්ශනය කර ගැනීමට ගෙන තිබු උත්සාහය ප්‍රසංශනීය බව ද සඳහන් කළ යුතුම කරුණක්.

ඒහෙත් දැන් දැන් ඒ් වෙත ඇදෙන ජනතාවට මෙ‌ලෙස පීඩා විඳීමට සිදුවන්නේ නම් ඔවුන් හෙළ බොජුන් අවන්හළ වෙත යළි පැමිණීම පිළිබඳව නැවත නැවතත් සිතනු නොඅනුමානයි.

මෙම අනාවරණයෙන් පසුව හෝ මෙහි අඩු පාඩු සකසා පැමිණෙන ගනුදෙනු කරුවන්ට ගෞරවාන්විත සේවයක් ලබාදීමට මෙහි පාලනාධිකාරියට හැකි වුවහොත් එය පැමිණෙන ජනතාවටත් මහඟු සේවාවක් වනු ඇති.

මේ අතර පවතින වර්ෂාවත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුලත ජලය බැහැරවන කාණු පද්තිධයක් උතුරා යාමෙන් එළවළු ගැනීමට පැමිණෙන ජනතාව මෙන්ම ව්‍යාපාරිකයන් ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම කාණු වල රැදී තිබෙන අපද්‍රව්‍ය ජලයත් සමග මිශව ආර්ථික මධ්‍යස්ථානය පුරා ගලා යාමත් සමග දැඩි සෞඛ්‍ය ගැටලු රැසක් ද මතුව තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උද්ගතව ඇති මෙම තත්වය පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කළත් මෙතෙක් ඊට නිසි පිළියමක් නොලද බවයි ව්‍යාපාරිකයන් චෝදනා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40