රට යළි නැගී සිටින්නේ සියලු දේ විඳ දරාගෙන සිටින ජනතාව නිසයි – මුදල් රාජ්‍ය ඇමති

රට යළි නැගී සිටීමට හේතු වුූයේ සියලු දුෂ්කරතා විඳ දරාගනිමින් උපේක්ෂා සහගතව සිටින ජනතාව නිසා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

2024 අයවැය පිළිතුරු කතාව කරමින් ඇමැතිවරයා කියාසිටියේ එම ජනතාවට කෘතඥතාව පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.

ජනතාව වෙනුවෙන් උපරිම ලෙස කැපවීම රජයේ අපේක්ෂාව බව ද 2024 අයවැය විවාදයේ අවසන් කතාව කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මීට වසර එක හමාරකට පෙර බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කළ රටක් සියලු ණය හිමි රටවල එකඟතාව මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ද හිමි කර ගැනිම සතුටට කරුණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව යමින් සිදු කළ ප්‍රතිසංස්කරණ මෙරට ආර්ථිකයට ධනාත්මක බලපෑමක් එල්ල කළ ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

2022 වසරේ අවසානයේ 57.2%ක්ව පැවැති උද්ධමනය අද වන විට 3.4% දක්වා පහත බැස තිබෙනවා. 719,000ක් වූ විදේශ සංචාරයකන් ප්‍රමාණය 1,276,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කියා සිටි සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේ විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 3789 සිට මිලියන 5399 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

2022 වසරේ ද අවසානයේ ඍණ 895ක මට්ටමේ පැවැති ප්‍රාථමික ගිණුමේ ශේෂය මේ වන විට ධන 225 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

වැට් බදු ඉහළ නැංවීම ජනතාවට බරක් බව පිළිගන්නා බවත් හැකි පළමු අවස්ථාවේ දීම බදු බර පහත හෙලා ජනතාවට සහන ලබා දීමට සූදානම් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32