දකුණු අප්‍රිකාවේ පොප් ගායිකා සහරා ජීවිතක්ෂයට

සම්මානලාභී දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය සංගීත ශිල්පිනීයක් වන සහරා  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය පසුගිය මාසයේදී  රෝහල් ගත කර ඇති අතර පසුව ඇය ඊයේ (11) රාත්‍රියේ ජොහැන්නස්බර්ග් රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව රජයේ SABC ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කර ඇති නමුත් ඇයගේ පවුලේ අය තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ

ඇය මිය යනවිට 35 හැවිරිදි වියේ පසුවූ බවයි සඳහන් වන්නේ. ඇය සම්මානලාභී දකුණු අප්‍රිකානු ඇෆ්‍රෝ-පොප් ගායිකා Bulelwa Mkutukana, Zahara ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි. මෙම ශිල්පිනිය 2011 දී අප්‍රිකාව පුරා ආදරය කරන ලද Loliwe ඇල්බමය සමග කීර්තියක් දිනා ගත් බවද විදෙස් මාධ්‍ය පවසනවා. ඇය දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?