හිඟ සුරාබදු නොගෙ වූ මත්පැන් නිෂ්පාදන සමාගමේ බලපත්‍රය අත්හිටුවීමට උපදෙස්

හිඟ සුරාබදු ගෙවීමේ සැලසුමට අනුව 2023.12.04 දිනට නියමිත බදු වාරිකය නොගෙවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම 2023 ජූනි 30 වන දිනට රුපියල් මිලියන 100ක් හෝ ඊට වැඩි හිඟ බදු පවතින බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවක් ලබාදෙන ලෙස 2023.07.24 දින කාරක සභාවාරයේ දී කරන ලද නියෝගය ප්‍රකාරව අදාළ වාර්තාව කාරක සභා රැස්වීම් වාර දෙකක දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇති නමුත් මේ දක්වා එය ලබා නොදුන්නේ මන්දැයි කාරක සභාව විසින් මෙහිදී විමසා සිටියා .

මේ සම්බන්ධයෙන් නීතිපති මතය විමසා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළ අතර, දෙසැම්බර් 31 දිනට පෙර එම ලැයිස්තුව කාරක සභාව වෙත ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට නියෝග කළා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළව ලබා දී ඇති නිර්දේශ අතුරින් ඇතැම් නි‍ර්දේශ සම්බන්ධ වාර්තා ලබා නොදීම, කාලය ඉල්ලා සිටීම, නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාව මෙහිදී සිය
අසතුට පළ කර සිටයා .

මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) රැස් වූ අවස්ථාවේදීයි.

තිරිඟු ආනයනය කරන ප්‍රධාන සමාගම් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් හැර වෙනත් සමාගම් සඳහා තිරිඟු පිටි ආනයනය කිරීම රජය විසින් තහනම් කර තිබූ අතර, එම තහනම් කාලය තුළ මෙම සමාගම් දෙක විශාල වශයෙන් පිටි තොග රැස් කර ගෙන තිබූ බවත්, තහනම ඉවත් කිරීමෙන් පසු තිරිඟු පිටි කිලෝවකට රුපියල් 16.00 බැගින් වූ බද්දක් පැනවීමෙන් මෙම සමාගම් ඉන් සැළකිය යුතු ලාභයක් උපයා ගෙන ඇති බවත් කාරක සභාව විසින් අවධාරණය කරනු ලැබුවා.

තවද, සීනි සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 සිට රු. 50ටවැඩි කිරීම මගින් සීනි ආනයනකරුවන් විසින් ආනයනය කර ගබඩා කර තිබූ සීනි ටොන් 8500කට ආසන්න තොග ප්‍රමාණයක් වෙළඳපොලට මුදාහැරීමෙන් සැළකිය යුතු අයුතු ලාභයක් අදාළ සමාගම් විසින් උපයා ගෙන ඇති බවත්, එබැවින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව ඉහත අවස්ථා තුනේදී එසේ උපයාගත් අනිසි ලාභයට අදාළ නියමිත බද්ද අදාළ පාර්ශවයන්ගෙන් අය කර ගැනීමට කඩිනම්
පියවර ගන්නා ලෙසත් කාරක සභාව විසින් නැවත නියෝගයක් නිකුත් කළා.

බදු මග හරිමින්, පැහැර හරිමින්, කට්ටි පනිමින් සිටින බදු ගෙවන්නන්ගේ හිඟ බදු අය කර ගැනීමට කටයුතු කිරීම සඳහා මුදල්
අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව එකතු කර ගත හැකි මට්ටමේ පවතින හිඟ බදු (Collectable Taxes) බිලියන 173 ක ප්‍රමාණය නැවත අය කර ගැනීම සඳහා බදු අය කර ගැනීමේ සැළැස්මක් සකස් කර දෙසැම්බර් 31 දිනට පෙර එය ක්‍රියාවට නංවන ලෙස කාරක සභා සභාපතිවරයා මෙහිදී උපදෙස් දුන්නා.

සුරාබදු දෙපාර්තමේන්තුව වෙත සිදු කර ඇති නියෝග 39 ක් අතරින්, මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව අවමය මිලියන 10 දක්වා වැඩි කිරීමේ කාරක සභා නිර්දේශය හා දිස්ත්‍රික්කයක් තුළ එක්ම ත්පැන් බලපත්‍රයකට වඩා සන්තකයේ පවතින පුද්ගලයන් හා සමාගම් ලැයිස්තුවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභාව විසින්
නියෝග කර තිබුණද එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත්තේ මන්ද යන්න කාරක සභාව විසින් ප්‍රශ්න කර සිටියා.

දිස්ත්‍රික්කයක් තුළ එක් මත්පැන් බලපත්‍රයකට වඩා සන්තකයේ පවතින පුද්ගලයන් හා සමාගම් නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව පෙන්වන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළ අතර, ඒ බව කාරක සභාව වෙත ලිඛිතව දන්වා එවන ලෙස කාරක සභාව විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත නියෝග කළා.

තවද, රා නිෂ්පාදනාගාර 46 ක් දැනට පවතින බවත්, එම නිෂ්පාදනාගාර 46 දෛනිකව අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීම හා ඒවායේ දෛනික නිෂ්පාදනය ගණනය කිරීම සඳහා කාරක සභාව විසින් කරන ලද නියෝගය ප්‍රකාරව ජංගම දුරකතන යෙදවුමක් (Mobile App) දැනට සකස් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ අතර,එම යෙදවුම කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නා.

රේගු තාක්ෂණික පද්ධතියේ ස්කෑනර් යන්ත්‍ර සඳහා කෘතිම බුද්ධිය (AI) එක් කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා මුදල් අමාත්‍යාංශය හා එක්ව තොරතුරු තාක්ෂණ උපදේශකයන්ගේ මාර්ගෝපදේශය යටතේ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපෘති ආකෘතියක් යටතේ මේ සඳහා යෝජනාවක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

ආපදා කළමනාකරණය, අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නාගරික යාචකයන් සම්බන්ධ වන සමීක්ෂණය සම්බන්ධ පසු විපරමක් ද, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවාරයේ දී සාකච්ඡාවට ලක් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27