AFC Banner
Empty Ad
Empty Ad

ගල් බැම්මක් කඩා වැටී ව්‍යාපාරිකයා මරුට

පවතින අධික වර්ෂාවත් සමඟ අකුරණ, දොඩංගොල්ල ප්‍රදේශයේ නිවසක ගල් බැම්මක් සමඟ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ඊට යට වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ව්‍යාපාරිකයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඊයේ (08) රාත්‍රියේ විකල්ප මාර්ගයක් ඔස්සේ සිය නිවස බලා ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

ගල් බැම්ම සහ පස් කණ්ඩියට යට වූ මෙම පුද්ගලයා ඉන් මුදාගෙන අකුරණ රෝහල වෙත රැගෙන ගිය ද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දිනයේ සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?