චණ්ඩ වූ ‘මිජවුම්’ නිසා සිදු වූ මරණ ගණන ඉහළ යයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට සහ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ බාපට්ලා වෙරළ තීරයට කඩා වැදුණු ‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට ජීවිත අහිමි වූ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව ගොඩබිමට කඩාවැදීම මේ වන විට අවසන්ව ඇති අතර, එය උතුරු දෙසට ගමන් කර සුළි කුණාටුවක් දක්වා දුර්වලවීමට ඉඩ පවතින බවයි.

මේ අතර ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සහ අවට නගරවල අයහපත් කාලගුණික තත්ත්වය බ්‍රහස්පතින්දා දක්වා පවතිනු ඇතැයි කාලගුණ අංශ අනාවැකි පළ කර තිබෙනවා.

2021 සැප්තැම්බරයේ ආ ‘ගුලාබ්’ සුළි කුණාටුවෙන් පසු ඉන්දීය වෙරළ තරණය කළ පළමු සුළි කුණාටු පද්ධතිය මෙය බවයි එරට කාලගුණ අංශ පවසන්නේ.

ආරක්ෂිත පානීය ජලය, ආහාර, විදුලිය සහ සම්බන්ධතා නොමැතිව අවතැන්ව සිටින ලක්ෂ ගණනක් පදිංචිකරුවන් වෙත ළඟා වීමට ගලවාගැනීමේ සහ සහන සේවකයින් මේ වනවිටත් කටයුතු කරන බවයි වාර්තා වුණේ.

මේ අතර 61,000 කට වැඩි පිරිසක් රජය විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ චෙන්නායි හි පානීය ජල හිඟයක් ද ඇතිව තිබෙනවා.

මේ හේතුවෙන් බෝතල් කළ පානිය ජලයේ මිල ගණන් ද ඉහළ ගොස් ඇති අතර, රුපියල් 40ට අලෙවි කළ ලීටර් 10 ප්‍රමාණයේ වතුර කෑන් එකක් මේ වනවිට රුපියල් 60 – 70 අතර මුදලකට අලෙවි වන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?