චණ්ඩ වූ ‘මිජවුම්’ නිසා සිදු වූ මරණ ගණන ඉහළ යයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට සහ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ බාපට්ලා වෙරළ තීරයට කඩා වැදුණු ‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට ජීවිත අහිමි වූ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව ගොඩබිමට කඩාවැදීම මේ වන විට අවසන්ව ඇති අතර, එය උතුරු දෙසට ගමන් කර සුළි කුණාටුවක් දක්වා දුර්වලවීමට ඉඩ පවතින බවයි.

මේ අතර ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සහ අවට නගරවල අයහපත් කාලගුණික තත්ත්වය බ්‍රහස්පතින්දා දක්වා පවතිනු ඇතැයි කාලගුණ අංශ අනාවැකි පළ කර තිබෙනවා.

2021 සැප්තැම්බරයේ ආ ‘ගුලාබ්’ සුළි කුණාටුවෙන් පසු ඉන්දීය වෙරළ තරණය කළ පළමු සුළි කුණාටු පද්ධතිය මෙය බවයි එරට කාලගුණ අංශ පවසන්නේ.

ආරක්ෂිත පානීය ජලය, ආහාර, විදුලිය සහ සම්බන්ධතා නොමැතිව අවතැන්ව සිටින ලක්ෂ ගණනක් පදිංචිකරුවන් වෙත ළඟා වීමට ගලවාගැනීමේ සහ සහන සේවකයින් මේ වනවිටත් කටයුතු කරන බවයි වාර්තා වුණේ.

මේ අතර 61,000 කට වැඩි පිරිසක් රජය විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ චෙන්නායි හි පානීය ජල හිඟයක් ද ඇතිව තිබෙනවා.

මේ හේතුවෙන් බෝතල් කළ පානිය ජලයේ මිල ගණන් ද ඉහළ ගොස් ඇති අතර, රුපියල් 40ට අලෙවි කළ ලීටර් 10 ප්‍රමාණයේ වතුර කෑන් එකක් මේ වනවිට රුපියල් 60 – 70 අතර මුදලකට අලෙවි වන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17