සහෝදරියට විසි කැත්තකින් පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට

තම සහෝදරියට විසි කැත්තකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් පල්ලම පොලීසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලේ පොලීසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයෙක් වන අතර,
ඔහු පල්ලම, තිඹිරිගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පවුල් ආරවුලක් මත ඇති වූ කථා බහක් දුර දිග යාමෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් නිලධාරියා අද (05) දිනයේ ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?