‘මිජවුම්’ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ චෙන්නායි ගුවන් ගමන් අවලංගු වෙයි

අද (04) දිනයේ ඉන්දියාවේ චෙන්නායි බලා පියාසර කිරීමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

‘මිජවුම්’ සුළි කුණාටුවත් සමඟ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කළේ.

ඒ, අනුව අද (04) උදෑසන 6.00ට ගමන් ආරම්භ කිරීමට තිබූ UL 121 දරණ ගුවන් යානය අවලංගු කිරීමට කටයුතු කළ බවයි වාර්තා වුණේ.

එමෙන්ම අද (04) පස්වරුවේ චෙන්නායි බලා පිටත්ව යෑමට ඇති UL 127 දරණ ගුවන් යානය ද මෙම අයහපත් කාලගුණික තත්ත්වය මත වලංගු කර තිබෙනවා.

මේ අතර ඉන්දීය මාධ්‍ය අද පෙරවරුවේ වාර්තා කළේ ‘මිජවුම්’ සුළි කුණාටුවේ බලපෑමත් සමඟ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපොළ ජලයෙන් යටව ඇති බවයි.

මෙම තත්ත්වයත් සමඟ එම ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතුවලට ද දැඩිලෙස බලපෑම් එක්ක වී තිබූ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?