ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් භාවිතය ගැන අලුත් අනාවරණයක්

සාමාන්‍යයෙන් දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938ක් මෙරට තුළ ජනනය වුවද ඉන් නැවත එක්රැස් වන්නේ සියයට 32ක් පමණක් බව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී හෙළිවී තිබෙනවා.

එලෙස එකතුවන ප්ලාස්ටික්වලින් යාන්ත්‍රික ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 4ක් පමණක් බවයි පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වූයේ.

ඉතිරිය එක් රැස් කළ ද පරිසරයට අවිධිමත් ලෙස බැහැර කරන බව නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය කෙරුණා.

කිසිදු නියාමනයකින් තොරව සුන්බුන් ප්ලාස්ටික් ආනයනය කිරීමට කර්මාන්තකරුවන්ට අවසර දී ඇති බව ද මෙහිදී හෙළි වුණා. එබැවින් ඉදිරියේදී බලපත්‍ර නිකුත් කිරීමේදී කර්මාන්තයේ අවශ්‍යතා අනුව ඒවා නිකුත් කළ යුතු බවටයි ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරියට මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබුවේ.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් ආනයනය කරන අතර සුන්බුන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට අවසර දී ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.

පසුගිය වසරේ සුන්බුන් ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට අනුමැතිය ලබාදී තිබුණ ද මෙරට කර්මාන්ත සඳහා සුන්බුන් ප්ලාස්ටික් ආනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 5,179ක් පමණක් බවයි නිලධාරීන් කියාසිටියේ. එබැවින් එවැනි අවසරයක් ලබා දීමේදී කර්මාන්තයේ අවශ්‍යතාවය සලකා බලා අවසර ලබා දෙන ලෙසත් එලෙස ගෙන එන ප්ලාස්ටික් වසර 5ක් වැනි නිශ්චිත කාලයක් තුළ එකතු කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බවටත් කාරක සභා සභාපතිවරයා විසින් බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

අධික පිරිවැය හේතුවෙන් ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්ලාස්ටික් එකතු කිරීම සඳහා බොහෝ දෙනා උනන්දු නොවන බවයි නිලධාරීන් කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ. ප්ලාස්ටික් එකතු කිරීම සඳහා ලබාදෙන දිරි දීමනා ඉහළ දැමීමෙන් මෙම ප්‍රමාණය වැඩි කළ හැකි බව සභාපතිවරයා සඳහන් කළේ.

එපමණක් නොව ප්ලාස්ටික් එකතු කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකම විශේෂ මධ්‍යස්ථාන පිහිටුවීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළා. ඒ සමගම යෝජිත පාරිසරික නීති කෙටුම්පත කඩිනමින් අවසන් කර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

  1. සතියට කිලෝ 7000ක් අපි ප්‍රතිචක්‍රිකරණය කරනවා, කිසිම සහයෝගයක්දෙන්නේ නෑ.. මදුරුවො හොයන්න නම් එනවා.. ඒ ඇවිල්ලා මේක පරිසර හානියක් කියලා යනවා මිසක් කිසිම අගයකිරිල්ලක් නෑ. හිතන්න අපිත් ෆැක්ට්‍රිය නතර කරොත් අපි සතියට ක්‍රශ් කරන කිලො 7000ත් පරිසරයට නෙවේද එකතු වෙන්නේ… යල්පැනපු අදහස් තියන නාකී බලධාරීන් ඉන්නකන් මේවා කරන්න බෑ..😹😹
    කාට හරි විස්තර දැනගන්න ඔනීනම් බලන්න ඔනී නම් මම කියලා දෙන්නම් අවුරුදු 10 ක් මම මේ රස්සාව තමා කරන්නේ ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14