දකුණු අප්‍රිකානු තරග සංචාරයට ඉන්දියානු සංචිතයන් නම් කෙරේ – කෝලි, ශර්මා සුදු පන්දුවට නැහැ

එළෙඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරය වෙනුවෙන් ඉන්දියානු සංචිතයන් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ආකෘති තුන සඳහා මෙම සංචිතයන් නම්කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය සඳහා ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 03ක් සහ විස්සයි විස්ස තරග 03ක් ඇතුළත්.

මෙම තරග සංචාරයේ දී රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි සීමිත පන්දුවාර තරග සඳහා එක් නොවන බවයි වාර්තා වන්නේ.

ඒ, හේතුවෙන් එක්දින තරගාවලියේ දී ඉන්දීය කණ්ඩයම මෙහෙයවීමේ වගකීම ලෝකේෂ් රාහුල්ට පැවරී ඇති අතර, විස්සයි විස්ස නායකත්වය සූර්යකුමාර් යාදව් තවදුරටත් දරනු ඇති.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක්වූ හර්දික් පාණ්ඩ්‍යා දකුණු අප්‍රිකානු තරග සංචාරය සඳහා එක්කර නැහැ.

මේ දිනවල ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වින විස්සයි විස්ස තරගාවලියේ දී විවේක ගන්වා සිටින ශුබ්මන් ගිල්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදෙව් සහ මොහොමඩ් සිරාජ් දකුණු අප්‍රිකානු සංචාරය සඳහා විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා.

ඒ, අනුව ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වින තරගාවලියේ ඉන්දීය සංචිතයේ සිටින ශිවම් ඩුබේ, අක්සාර් පටෙල්, ප්‍රසිද් ක්‍රිෂ්ණා සහ අවේෂ් ඛාන් දකුණු අප්‍රිකානු සංචාරයේ දී විස්සයි විස්ස සංචිතයෙන් ඉවත්කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අක්සාර් පටෙල් සහ අවේෂ් ඛාන් එක්දින සංචිතයට කැඳවා ඇති අතර, ප්‍රසිද් ක්‍රිෂ්ණා ටෙස්ට් සංචිතයට එක්කර තිබෙනවා.

මේ අතර කලකට පසු සංජු සැම්සන් ඉන්දීය සංචිතයක් සඳහා එක්කර තිබීම ද විශේෂත්වයක්.

තරග ආකෘති තුන සඳහා නම් කළ ඉන්දීය සංචිත පහතින්..

372073.1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16