Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දියාව නොආවොත් වන්දි දෙන්න – පාකිස්තානය ICC යෙන් වන්දි ඉල්ලයි

2025 චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් පාකිස්තානයට පැමිණීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළ හොත් ඊට වන්දි මුදලක් ගෙවන ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දන්වා තිබෙනවා.

දේශපාලන සහ ආරක්ෂක හේතූන් මත ඉන්දියාව තම කණ්ඩායම පාකිස්තානයට නොඑවන්නේ නම් සහ ඔවුන් සහභාගීවන තරග වෙනත් රටකට ගෙන ගියහොත්, ICC විසින් මේ සඳහා වන්දි මුදල් ගෙවිය යුතු බවයි පාකිස්තානය පවසා ඇත්තේ.

මේ අතර 2025 දී ඉන්දියාව පාකිස්තානයේ ක්‍රීඩා කිරීම සඳහා වන ඕනෑම ඉල්ලීමක් පාකිස්තාන රජය විසින් ඉටු කිරීමට සූදානම් බව ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා තිබෙනවා.

2025 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල පාකිස්තානයේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන තරගාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් කිහිප දෙනෙක් ICC විධායක මණ්ඩලය හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

එළඹෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියට එක්වන කණ්ඩායම්, නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව තෝරා ගනු ලැබුවා.

ඒ, අනුව එම ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතේ රැඳී සිටින කණ්ඩායම් 07 සහ සත්කාරක පාකිස්තානය 2025 වසරේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානය සඳහා තේරී පත් වුණා.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
20
+1
3
+1
6
+1
4
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙක කරපු හැටි
13:47

?