ඉන්දියාව නොආවොත් වන්දි දෙන්න – පාකිස්තානය ICC යෙන් වන්දි ඉල්ලයි

2025 චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් පාකිස්තානයට පැමිණීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළ හොත් ඊට වන්දි මුදලක් ගෙවන ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දන්වා තිබෙනවා.

දේශපාලන සහ ආරක්ෂක හේතූන් මත ඉන්දියාව තම කණ්ඩායම පාකිස්තානයට නොඑවන්නේ නම් සහ ඔවුන් සහභාගීවන තරග වෙනත් රටකට ගෙන ගියහොත්, ICC විසින් මේ සඳහා වන්දි මුදල් ගෙවිය යුතු බවයි පාකිස්තානය පවසා ඇත්තේ.

මේ අතර 2025 දී ඉන්දියාව පාකිස්තානයේ ක්‍රීඩා කිරීම සඳහා වන ඕනෑම ඉල්ලීමක් පාකිස්තාන රජය විසින් ඉටු කිරීමට සූදානම් බව ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා තිබෙනවා.

2025 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල පාකිස්තානයේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන තරගාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් කිහිප දෙනෙක් ICC විධායක මණ්ඩලය හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

එළඹෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියට එක්වන කණ්ඩායම්, නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව තෝරා ගනු ලැබුවා.

ඒ, අනුව එම ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතේ රැඳී සිටින කණ්ඩායම් 07 සහ සත්කාරක පාකිස්තානය 2025 වසරේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානය සඳහා තේරී පත් වුණා.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
20
+1
3
+1
6
+1
4
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55