AFC Banner
Empty Ad
Empty Ad

තවත් ප්‍රාණ ඇපකරුවන් 13කට නිදහස

ගාසා තීරයේ රඳවා සිටි තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු සහ තායි ජාතිකයින් හතර දෙනෙකු හමාස් සංවිධානය විසින් රතු කුරුස සංවිධානයට භාර දී තිබෙනවා.

පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු ද නිදහස් කර ඇති බවයි ඊශ්‍රායල බන්ධනාගාර සේවය තහවුරු කර ඇත්තේ.

ඊශ්‍රායලය මෙලෙස නිදහස් කරනු ලැබුවේ පලස්තීන සිරකරුවන්ගේ දෙවන කණ්ඩායමයි. ඔවුන් බටහිර ඉවුරේ Beitunia මුරපොල හරහා ගමන් කළේ සියලු ප්‍රමාදයන් සහ අවිනිශ්චිතතාවයන් හමුවේ බලාපොරොත්තු දල්වාගෙන බලා සිටි ආධාරකරුවන් සහ පවුලේ සාමාජිකයින් පිළිගැනීම සඳහායි.

මෙම ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ ගැටලුව විසඳා ඇත්තේ ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්.

සෙනසුරාදා නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන් 13 දෙනා අතර 9 හැවිරිදි දරුවෙක් ද වනවා.

කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් ආරම්භ වූ සටන් විරාමයක එක් පියවරක් ලෙසට සිකුරාදා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු සහ ඊශ්‍රායල සිරකඳවුරුවලින් පලස්තීනුවන් 39 දෙනෙකු නිදහස් කරනු ලැබුවා.

ගාසා තීරයේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දින හතරක විරාමයක දෙවන දිනය අදයි.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1200ක් මිය ගිය අතර 240ක් පමණ ප්‍රාණ ඇපයට ගනු ලැබුවා.

එතැන් පටන් ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රති ප්‍රහාරවලින් පුද්ගලයින් 14,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?