තවත් ප්‍රාණ ඇපකරුවන් 13කට නිදහස

ගාසා තීරයේ රඳවා සිටි තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු සහ තායි ජාතිකයින් හතර දෙනෙකු හමාස් සංවිධානය විසින් රතු කුරුස සංවිධානයට භාර දී තිබෙනවා.

පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු ද නිදහස් කර ඇති බවයි ඊශ්‍රායල බන්ධනාගාර සේවය තහවුරු කර ඇත්තේ.

ඊශ්‍රායලය මෙලෙස නිදහස් කරනු ලැබුවේ පලස්තීන සිරකරුවන්ගේ දෙවන කණ්ඩායමයි. ඔවුන් බටහිර ඉවුරේ Beitunia මුරපොල හරහා ගමන් කළේ සියලු ප්‍රමාදයන් සහ අවිනිශ්චිතතාවයන් හමුවේ බලාපොරොත්තු දල්වාගෙන බලා සිටි ආධාරකරුවන් සහ පවුලේ සාමාජිකයින් පිළිගැනීම සඳහායි.

මෙම ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ ගැටලුව විසඳා ඇත්තේ ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්.

සෙනසුරාදා නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන් 13 දෙනා අතර 9 හැවිරිදි දරුවෙක් ද වනවා.

කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් ආරම්භ වූ සටන් විරාමයක එක් පියවරක් ලෙසට සිකුරාදා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු සහ ඊශ්‍රායල සිරකඳවුරුවලින් පලස්තීනුවන් 39 දෙනෙකු නිදහස් කරනු ලැබුවා.

ගාසා තීරයේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දින හතරක විරාමයක දෙවන දිනය අදයි.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1200ක් මිය ගිය අතර 240ක් පමණ ප්‍රාණ ඇපයට ගනු ලැබුවා.

එතැන් පටන් ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රති ප්‍රහාරවලින් පුද්ගලයින් 14,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25