STF යැයි පවසා මුදල් සහ ජංගම දූරකථනයක් කොල්ල කෑ පිරිස සොයා විමර්ශනයක්

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බවට පවසා රුපියල් 12,000 ක මුදලක් සහ ජංගම දූරකථනයක් රැගෙන ගිය දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාරියපොළ පොලීසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පනාදරගම,මන්දපානවල පදිංචි ව්‍යාපාරිකයෙකු වන ජයකොඩි ආරච්චිගේ විරාජ් ගීතාංජන ජයකොඩි යන අය විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

ඉකුත් 21 වැනිදා සවස 2.00 ට පමණ මන්දපානවල පදිංචිකරුවෙකු වන චූලක යන අය තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග යතුරුපැදියකින් පැමිණිලිකාර ව්‍යාපාරිකයා හමුවට පැමිණ තිබෙනවා.

තමන් විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල කඳවුරේ සේවය කරන බව එසේ පැමිණි පුද්ගලයින් දෙදෙනා ව්‍යාපාරිකයාට පවසා ඇති බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

විශේෂ කාර්ය බලකායේ සේවය කරන නිලධාරීන් දෙදෙනා තමන්ව අත්අඩංගුවට ගෙන සිටින බවත්, ඔවුන්ගෙන් නිදහස් වීම සඳහා ලබාදීමට මුදල් අවශ්‍ය බව පවසා තමන් සතුව තිබූ ජංගම දූරකථනය ව්‍යාපාරිකයාට ලබා දී රුපියල් 45,000 ක මුදලක් මන්දපානවල ගමේ පදිංචිකරුවා වන චූලක විසින්
ලබාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

22 වැනිදා සවස 5.00 ට පමණ පෙර දින පැමිණි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යැයි හඳුන්වා දුන් පුද්ගලයින් දෙදෙනා මෝටර් කාර් රථයකින් ව්‍යාපාරිකයා සොයා පැමිණ ඇති අතර පෙර දින තමන් සමග පැමිණි චූලක විසින් ලබා දුන් ඔහුගේ දූරකථනය අවශ්‍ය බව පවසා එය ව්‍යාපාරිකයාගෙන් ලබා ගැනීමට පැමිණි දෙදෙනා කටයුතු කර ඇත තිබෙනවා.

චූලක ඒ වන විට විශේෂ කාර්ය බලකා කඳවුරේ සිටින බවත්, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කඳවුරට
පැමිණෙන ලෙසත් ඔවුන් ව්‍යාපාරිකයාට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

තමන් වරදක් කර නොමැති බැවින් කඳවුරට යාමට අවශ්‍යතාවක් නොමැති බව එවිට ව්‍යාපාරිකයා පවසා ඇති අතර; පසුව පැමිණි දෙදෙනා දූරකථන ඇමතුමක් ලබා ගෙන කිසියම් අයෙකුට ‘සර්’යනුවෙන් ආමන්ත්‍රණය කර තිබෙනවා.

අනතුරුව ඔවුන් ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ මෙම සිද්ධිය ගොඩින් බේරා ගැනීමට නම් කඳවුරේ පැවැත්වෙන සාදයක් සදහා අරක්කු බෝතල් 15 ක් ලබාදෙන ලෙසයි.

නමුත් තමන් සතුව එතරම් මුදලක් නොමැති බැවින් අවශ්‍ය වන්නේ නම් රුපියල් 5000 ක් ලබා දිය හැකි බව ව්‍යාපාරිකයා පවසා තිබෙනවා.

පැමිණි පුද්ගලයින් දෙදෙනාගේ බල කිරීම නිසාම ඔවුන්ට රුපියල් 12,000 ක මුදලක් ලබා දීමට ව්‍යාපාරිකයා කටයුතු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

චූලක යන අය විසින් ව්‍යාපාරිකයාට දී මුදල් ලබා ගෙන තිබූ ජංගම දූරකථනය සහ රුපියල් 12,000 ක මුදල ලබාගෙන එම පුද්ගලයින් දෙදෙනා ඔවුන් පැමිණි මෝටර් කාර් රථයෙන්ම පිටත්ව ගිය බව ව්‍යාපාරිකයා පොලීසිය හමුවේ ප්‍රකාශ කෙරුණා.

මෙම සිදුවීම සිදු වන විට තමන්ගේ මව, පියා සහ සහෝදරයා ද නිවසේ සිටි බව පැමිණිලිකරු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

නමුත් මුදල් සහ ජංගම දූරකථනය රැගෙන ගිය අයවළුන් පැමිණි මෝටර් කාර් රථයේ ලියාපදිංචි අංකය
ව්‍යාපාරිකයා විසින් සටහන් කරගෙන නොමැති බව ද පොලීසිය සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06